ලංකාවට පැමිණි ලොව විශාලතම බහලු නෞකාව

ලංකාවට පැමිණි ලොව විශාලතම බහලු නෞකාව

ශ්‍රී ලාංකේය සමුද්‍රීය ඉතිහාසයේ සන්ධිස්ථානයකට එළඹෙමින් ලොව විශාලතම බහලු නෞකාවක්වන MSC MARIELLA නෞකාව කොළඹ වරායේ නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත මෙහෙයුම් කටයුතු සඳහා පැමිණ ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බහලු පර්යන්තයකට පැමිණි විශාලතම බහලු නෞකාව ලෙසින් මෙය හැදින්විය හැකි බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය සදහන් කරයි.

2023 වර්ෂයේ දී නිෂ්පාදිත MSC MARIELLA බහලු නෞකාව දිගින් මීටර් 399.90කින් යුතුය. නෞකාවේ පළල මීටර් 61.30කි. ටොන් 240739ක ධාරිතාවයකින් සමන්විතය. නෞකාවේ රැගෙන යා හැකි බහලු ධාරිතාව 24246කි.

මෙම නෞකාව ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් නැගෙනහිර ජාත්‍යන්තර බහලු පර්යන්තය වෙත පැමිණීම තුළ නැගෙනහිර පර්යන්තය සතු අතිවිශාල බහලු නෞකා මෙහෙයවීමේ ශක්‍යතාවය තහවුරු වේ. මේවන විට නැගෙනහිර බහලු පර්යන්තය සතුව ඉතා දියුණු තාක්ෂණික ක්‍රමෝපායන්ගෙන් සමන්තිව ග්‍රැන්ටි දොඹකර සමූහය තුළින් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව බහලු මෙහෙයුම් සිදුකිරීමට අවකාශය සලසා තිබේ.

කොළඹ වරාය සමුද්‍රීය කලාපයේ ප්‍රධාන කේන්ද්‍රීය වරාය බවට පත්වෙමින් ලෝකයේ විශාලතම බහලු නෞකා මෙහෙයවීමේ හැකියාව මෙම MSC MARIELLA නෞකාව පැමිණීමෙන් තහවුරු වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න