පිරිවැයට සිරිලන ලෙස විදුලි බිල ගැලපිය යුතුයි - IMF

පිරිවැයට සිරිලන ලෙස විදුලි බිල ගැලපිය යුතුයි - IMF

පිරිවැයට සිරිලන ලෙස විදුලි බිල ගැලපිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට අවධාරණය කර තිබේ.

එම අරමුදල පෙන්වා දෙන්නේ විදුලිබිල එලෙස ගැලපීමක් නොකොළහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ණය බර තවදුරටත් වැඩි විය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේනම් බදු ගෙවන්නන් මත තවත් පීඩනයක් එල්ල විය හැකි බවද, එම අරමුදල පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා රජයට අවධාරණය කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ණයබර වැඩි නොවන ලෙස කටයුතු කිරීමට බලධාරීන් පියවර ගත යුතු බවයි.

එලෙස ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියා කළහොත් ඉදිරියේදී ජනතාවට විදුලි බිල සම්බන්ධයෙන් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනු ඇතැයි, එම අරමුදල අවධාරණය කර සිටී.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න