“ක්ලීන් ශ්‍රී ලංකා” සමග අක්කර දහසක වන වගාවක්

“ක්ලීන් ශ්‍රී ලංකා” සමග අක්කර දහසක වන වගාවක්

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය – පෞද්ගලික – ජනතා හවුල්කාරිත්වය යන (Public- Private – People Partnership) 4P සංකල්පයට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබෙන අතර ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (30) පැවැත්විණි.

ව්‍යාපෘතියට අදාළ තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමත්, ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් මහජනතාවගේ, රජයේ මෙන්ම පුද්ගලික අංශයේ වගකීම සිහිපත් කරමින් අප රටේ ජෛව විවිධත්වය සුරැකීම, වන වැස්ම පුළුල් කිරීම සහ ස්වභාවික පරිසරයේ සුරක්ෂිත පැවැත්ම වෙනුවෙන් ඵලදායී ව්‍යාපෘති ගණනාවක් පුද්ගලික අංශයේද දායකත්වයෙන් ඉදිරි වසරේදී ක්‍රියාත්මක කිරීමට “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කර තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අතිරේක ලේකම් එස්.පී.සී. සුගීස්වර යන අයගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න