හිටපු ජනාධිපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයාට කන්කසන්තුරේට මාරුවක්

හිටපු ජනාධිපති රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයාට කන්කසන්තුරේට මාරුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරේ පොලිස් කොට්ඨාශයට ස්ථාන මාරු කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට රනිල් වික්‍රමසිංහ ට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය බව පවසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් හේතුවෙනි.

අදාළ ස්ථාන මාරුවීම ලබා දී ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයා විසිනි.

අද (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ, වසර 23ක් රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කළ අතර රනිල් වික්‍රමසිංහ ගේ පෞද්ගලික ආරක්ෂක නිලධරයා ලෙස වසර 15ක් සේවය කර ඇත.

මෙම ස්ථාන මාරුව තමන්ට එරෙහි දේශපාලන පලිගැනිමක් බව හිටපු ජනාධිපතිවරයාගේ අදහස් වී තිබේ.

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට රනිල් වික්‍රමසිංහ ගේ අවධානය යොමු වි ඇතැයි ඔහුගේ දේශපාලන කාර්යාලයේ ප්‍රධානියකු පැවසිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න