යුද සමයේ LTTE සංවිධානය සතුව තිබී, යුද හමුදාව මගින් නිල වශයෙන් භාරයට ගත් සිවිල් වැසියන්ට අයත් රත්‍රන් සහ රිදී භාණ්ඩ අද (02) පැලවත්ත යුද හමුදා මුලස්ථානයේ දී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය වෙත බාර දෙනු ලැබීය.
ඒ අනුව ස්වර්ණාභරණ සහිත පාර්සල් 120ක් අද දිනයේදී පොලීසිය වෙත භාරදී තිබේ.
පොලිස්පතිවරයා විසින් බාරගත් එම රන් හා රිදී, අධිකරණ නියෝගයක් මත මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් වටිනාකම තහවුරු කිරීමෙන් පසු ශ්‍රී ලංකා මහා බැංකුව වෙත ලබාදීමට නියමිතය.
මේ අතර අදාළ භාණ්ඩ සම්බන්ධයෙන් අනන්‍යතාවය තහවුරු කළ හැකි වුවහොත් එම භාණ්ඩ සිවිල් වැසියන්ට නැවත ලබාදීමට කටයුතු කළ හැකි බවද යුද හමුදාව පවසයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් දීප්ත ආරියසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසූරිය හා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූර්යආරච්චි යන සහභාගි වූහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
