පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තරග කරන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයන්ට ප්‍රචාරක කටයුතු සිදුකිරීම සඳහා ලබාදී තිබූ කාලසීමාව අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

මැතිවරණ නීතියට අනුව ඡන්ද විමසීම සිදුකරන දිනට පැය 48කට පෙර සියලුම ප්‍රචාරක කටයුතු අවසන් කළ යුතු බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

එමෙන්ම පළාත් පාලන ආයතන මට්ටමින් පිහිටුවා ඇති නිවේදන මාධ්‍ය කාර්යාල හා එක් එක් කොට්ඨාස සඳහා පිහිටුවා ඇති නිවේදන කොට්ඨාස කාර්යාල හැර සියලු ප්‍රචාරක කාර්යාල අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ගලවා ඉවත් කළ යුතු වෙයි. එමෙන්ම වර්ග අඩි 60 ප්‍රමාණයේ දැන්වීම් පුවරු හැර අනෙකුත් සියලු සැරසිලි අද මධ්‍යම රාත්‍රි 12.00 වනවිට ඉවත් කළ යුතු බව ද මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් සභිකයන් තෝරාපත් කර ගැනීම සඳහා ලබන 06 වැනිදා ඡන්ද මධ්‍යස්ථාන 13759කදී ඡන්ද දායකයන් එක්කෝටි හැත්තෑඑක් ලක්ෂ පනස්හය දහස් තුන්සිය තිස්අට දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

ඡන්ද ගණන් කිරීම එක් කොට්ඨාසයකට අදාළව එක් ඡන්ද මෙධ්‍යස්ථානයක් තෝරාගෙන එම ස්ථානයට ගෙන ගොස් සිදු කෙරේ. එදින සවස 5.00ට ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න