ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්......

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්......

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා ලබන 05, 06 සහ 07 දිනවල සීමා කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම පැය 24 සේවාව ද ඉහත දිනවලදී ක්‍රියාත්මක නොවනු ඇති.

මේ අතර, ලබන 06 සහ 07 දෙදින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලු මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

මේ අතර, නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීම හේතුවෙන් මැයි මස 5 වැනිදා සහ 6 වැනිදා බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනය කළේ, අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලු පාසල්වලට මැයි 05 සහ 06 නිවාඩු දී තිබේ.

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න