ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි

ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ටූ ලැම් අතර හමුවක් සිදුව තිබෙයි.

එම පක්ෂ මධ්‍යම කාරක සභා මූලස්ථානයේදී මෙම හමුව සිදුවූ බවයි වියට්නාම මාධ්‍ය වාර්තා කරයි.

වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වසර 55ක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

එමෙන්ම ජනාධිපතිවරයා හෙට (05) දිනයේදී වියට්නාම් ජනාධිපති සහ අගමැතිවරයා සමඟ නිල සාකච්ඡාවන්හි නිරත වීමටද නියමිතයි.

හෝ චී මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වන අතර එහි ප්‍රධාන දේශනය ද පැවැත්වීමට ද නියමිත ය.

සංචාරය අතරතුර දෙපාර්ශවය අතර ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ද මෙම අවස්ථාවට එක්ව ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න