Language Switcher

Ad

Ad 01

V2025

ගල්කිස්සේ වෙඩි තැබීමක්

ගල්කිස්ස වෙරළ පාරේ අද(05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ තරුණයෙක් මියගොස් තිබේ.

ඒ, කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු, මිලිමීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුට වෙඩි තබා ඇත.

මියගොස් ඇත්තේ, දෙහිවල පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බව සඳහන්ය.

ගල්කිස්ස පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.