ඉන්දු-පාකිස්ථාන සටන් විරාමය : ජනපති අනුරගෙන් ප්‍රකාශයක්

ඉන්දු-පාකිස්ථාන සටන් විරාමය : ජනපති අනුරගෙන් ප්‍රකාශයක්

ඉන්දියාව සහ පාකිස්ථානය සටන් විරාමයකට පැමිණීමට ගත් තීන්දුව දෙපාර්ශවයේ අහිංසක ජීවිත ගලවා ගැනීමට ගත් තීරණාත්මක එකඟතාවයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක  සඳහන් කළේ, එය තිරසර සාමය සහ කලාපීය ස්ථාවරත්වය අත්කර ගැනීමේ පළමු සහ ප්‍රමුඛ පියවරක් වන බවයි.

ඉන්දු - පාකිස්ථාන අර්බුදය විසඳා ගැනීමට වෙඩි උණ්ඩ වෙනුවට වචන යොදා ගැනීම තුළින් ඔවුන්ගේ ප්‍රඥාව සහ රාජ්‍යතාන්ත්‍රික කුසලතාවය පෙන්නුම්කරන බව ද ජනපතිවරයා පැවසුවේ ය.

දෙරටෙහි අඛණ්ඩ සංවාදයට සහය ලබාදෙන අතර, කලාපීය සාමය අත්කර ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම දායකත්වයක් ලබා දීමට සූදානම් බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය සඳහන් ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න