16 වන රණවිරු දින සැමරුමට සමගාමීව යුද්ධ හමුදාවේ කොමිෂන් නොලන් නිලධාරීන් දසදහස් අනූ තුන්දෙනෙකුට නිල උසස්වීම් ලබාදී ඇත.
බලලත් නිලධාරී දෙක නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 225 දෙනෙකු බලලත් නිලධාරී එක නිලයට උසස් කර තිබේ.
මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 816 දෙනෙකු බලලත් නිලධාරී දෙක නිලයට සහ සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලන් නිලධාරීන් 1,191 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයට උසස් කර ඇති බව යුද හමුදාව නිවේදනය කළේය.
එමෙන්ම කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලන් නිලධාරීන් 2,302 නෙකු උසස් කර ඇත්තේ සැරයන් නිලයටය.
ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලන් නිලධාරීන් 3,468 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබලුන් 2,091 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයට උසස් කිරීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
