පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබා දීම හෙටින් අවසන්

පුංචි ඡන්දයේ ආදායම් වියදම් වාර්තා ලබා දීම හෙටින් අවසන්

පළාත් පාලන ජන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදුන් කාලය හෙටින් අවසන් වෙයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයින්ට හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම්දී ඇති බවයි.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට, එම වාර්තා ලබාදිය යුතු ය.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, 2023 අංක 03 දරණ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතු බවයි.

සෑම අපේක්ෂකයෙක්ම සහ දේශපාලන පක්ෂයක්ම තමන් විසින් වියදම් කළ හෝ නොකළ අදාළ වියදම් වාර්තා භාර දීම සිදුකළ යුතු අතර වියදම් නොකර ඇත්නම් ඒ පිළිබඳවද සටහනක් භාර දිය යුතු බව පැවසූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව වියදම් වාර්තා ලබා නොදෙන පිරිස් සම්බන්දව තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත ලබා දෙන බවය.

ඒ අනුව ඉදිරියේදී මැතිවරණ පනත අනුව අවශ්‍ය විදි විධාන යොදවමින් ඔවුන්ට විරුද්ධව නීතිමය කටයුතු කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න