මර්වින්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු...

මර්වින්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් නඩු...

හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම අද (27) කොළඹ මහාධිකරණය හමුවේ නඩු ගොනු කළේ ය.

ඒ සිය නිත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් කෝටි ගණනක දේපළ , යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමිනි.

අල්ලස් පනතේ 23 (අ) 1 වගන්තියට අනුව අධි චෝදනා දෙකක් යටතේ එම නඩු ගොනු කර තිබේ.

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් 2010 වසරේ මාර්තු මස 31 වනදා සිට 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා තම වැටුපෙන් උපයා ගත නොහැකි මුදලක් යොදවා අති සුඛෝපභෝගී වාහන, ඉඩම්, දේපල මිලදී ගෙන ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දෙයි.

ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික බැංකු වල පවත්වාගේන ගිය බැංකු ගිණුම් 48 මගින් කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස්නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර ඇති අතර කොළඹ -07 අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නව දහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර ඇතැයි සඳහන් වේ.

ඊට අමතරව හිටපු අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා හට සුඛෝපභෝගී රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසිතුන් ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් වැය කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.

තවත් මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් සහ ඩිෆෙන්ඩර් රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් වැය කර ඇතැයි අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ ය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න