හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ සේවය කළ සේවිකාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම සිදු කරන පරික්ෂණවලට අදාළවය.
සෞඛ්‍ය අමාත්‍යංශයට නාමිකව පත්වීම් ලබා දී රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා කිරිම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල විය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුබසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා යන තැනැත්තියයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෙමස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
