ජ‘පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු රිමාන්ඩ්

ජ‘පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු රිමාන්ඩ්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ඇතුළු තුන්දෙනෙකු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඔවුන් අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක්,එම රෝහලේ කළමණාකාර සහකාරවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයෙකු අද (17) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ ය.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්නායු ශල්‍ය වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය උපකරණ වාර්ෂික ඇස්තමෙන්තුවට ඇතුළත් නොකර ,රෝහලේ කාර්ය්‍ය මණ්ඩලය හා අදාළ වෛද්‍යවරිය යටතේ පාලනය වූ භාහිර ආයතන මගින් එම උපකරණ ලබාගැනීම සඳහා උපදෙස් ලබාදීම යටතේ යි.

එමෙන්ම රෝගි පාර්ශවයට පාඩුවක් හා තමාට හෝ භාහිර පාර්ශවයකට අයුතු සහගත ලාභයක් ලබාගැනීමට එම අයිතම රෝහලේ සැපයුම් අංශය මගින් ඉල්ලුම් නොකිරීම තුළින් රෝහලට පාඩු සිදු කිරීම සම්බන්ධව දූෂණය නම් වරද සිදුකිරීම පිළිබඳව විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට ගෙන තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න