2029 වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, ළමුන්ට පීඩාකාරී නොවන විභාගයක් ලෙස පැවැත්වීමට තීරණය කර ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න ප්‍රකාශ කළේ, මේ වසරේ සිට 2028 වසර දක්වා ශිෂ්‍යත්ව විභාගයේ සිදුකළ යුතු කඩිනම් වෙනස්වීම් සිදුකිරීම සඳහා ද, පියවර ගන්නා බවයි.
ඒ සඳහා විභාග දෙපාර්තමේන්තුව හා අධ්‍යාපන බලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ද පත්කර ඇතැයි, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ගණිතය සහ භාෂාව යන කුසලතාවයන් මැන බැලෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අනවශ්‍ය තරගාකාරීත්වය හේතුවෙන් ළමුන්, දැඩි පීඩාවට පත්වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
