නවක වදය හේතුවෙන් අග්නිදිග සරසවියේ සිසුන් 22කගේ පංති තහනම්

නවක වදය හේතුවෙන් අග්නිදිග සරසවියේ සිසුන් 22කගේ පංති තහනම්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22 කුගේ පන්ති තහනම් කර තිබේ.

ඒ එම විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවක වදය ලබා දීමේ සිද්ධියක් මුල් කර ගනිමිනි.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ලේඛාධිකාරි එම්.අයි නවුපර් පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන බව‍යි.

පසුගිය දිනෙක එම විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම දෙවැනි වසරේ සිසුන් පිරිසක් විසින් නවකවදය ලබා දී තිබුණි.

ඊට අදාළ විඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග පාලනධිකරිය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අක්කරපත්තුව පොලීසිය විසින්ද මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න