වැඩතහනමට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය එළැඹෙන ජූලි 9වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත.
අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියකු නීතිවිරෝධී ලෙස නිදහස් කිරීමේ සිද්ධියට අදාළ නඩුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (25) කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න යන ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
