ඊශ්‍රායලයේ ජනජීවිතය සාමාන්‍යය තත්ත්වයට

ඊශ්‍රායලයේ ජනජීවිතය සාමාන්‍යය තත්ත්වයට

ඊශ්‍රායලයේ ජනජීවිතය සාමාන්‍යය තත්ත්වයට පත්වී ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසයි.

ජනතාව එදිනෙදා කටයුතුවල සුපුරුදු පරිදි ගත කරන අතර සති අන්තයේ නිවාඩුව ගතකිරීමට බොහෝ දෙනෙකු සංචාරක හෝටල්වල ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් ද තම එදිනෙදා කටයුතු සුපුරුදු පරිදි කරගෙන යන බව පෙනෙන්නට ඇති බව ද වාර්තා වෙයි.

ඔවුන්ගේ කටයුතු පිළිබඳව කිසිඳු පැමිණිල්ලක් පසුගිය දින දෙකේ තානාපති කාර්යාලයට වාර්තා වී නොමැත.

ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ ඊශ්‍රායලයේ සේවය කරන ලද ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද උදෑසන 08.00ට කටුනායක ගුවන් තොටුපලට ගොඩබැස තිබෙයි.

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂිත් පිරිස 300ක් පමණ වන අතර දැනට ඔවුන් ගුවන් ටිකට් ලබා ගැනීමේ කටයුතුවල නිරතවේ.

කෙසේ වෙතත් අබුඩාබි හා ඩුබායි නගර හරහා ගුවන් යානා කීපයක් ඊශ්‍රායලය වෙත පැමිණියත් එම ගුවන් මාර්ගවල ඇති තදබදය හේතුවෙන් එම ගුවන් මාර්ගවල ගුවන් ටිකට් ලබා ගැනීම ඉතා අසීරු බව ගුවන් සමාගම් සදහන් කරයි.

මේ මාර්ගවල ගුවන් යානා තැවත යථා තත්ත්වයට පත්වීමට ජුනි මස 30 වැනිදාට පසු සිදුවනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න