අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛය ඉදිරි සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, පැවති චක්‍රලේඛයේ තිබූ අඩුපාඩු රැසක් මගහරවමින් නව චක්‍රලේඛය නිකුත් කරන බවයි.
සුදුසුම දරුවන් පාසල්වලට ඇතුළු කර ගැනීමට හැකිවන පරිදි එම චක්‍රලේඛය මගින් ප්‍රතිපාදන සැලසෙනු ඇති.
නීතීවිරෝධී හා අයථා ක්‍රම මගින් සිසුන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයට එමගින් තිත තබන බවද අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
මේ අතර, පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සංශෝධිත චක්‍රලේඛයද ලබන සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
