GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළිත් වරක්

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළිත් වරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබේ.

එමෙන්ම එම සංගමයේ ලේකම්වරයා ලෙසද යළිත් වරක් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පත්ව ඇත.

ඒ ඊයේ (28) පැවැති එම සංගමයේ වාර්ෂික නිලවරණයේදීය.

එහිදී ඡන්ද 60%කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් ඔවුන් නැවතත් එම තනතුරුවලට පත්ව තිබේ.

මෙම මැතිවරණයේදී වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස එක් පාර්ශ්වයක් නියෝජනය කළ අතර අනෙක් පාර්ශ්වය ලෙස දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය තරග වැදුණි.

ඒ අනුව පැවැති මැතිවරණයෙන් දර්ශන සිරිසේන සහ හරිත අලුත්ගේ පාර්ශ්වය පරාජයට පත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නැවත බලය තහවුරු කර ගැනීමට වෛද්‍ය සංජීව තෙන්නකෝන් සහ වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පාර්ශ්වය සමත් විය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න