අද (03) උදෑසන කඳාන පොදු වෙළෙඳ සැල අසල දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෝටර් රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකු ඉලක්ක කර එම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව යි පොලීසිය සඳහන් කළේ,
තුවාල ලැබු පුද්ගලයන් දෙදෙනා රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ, අවුරුදු 50ක් වූ කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෙම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයා දිවංගත අමාත්‍ය මංගල සමරවීර ගේ පෞද්ගලික ලේකම්වරයෙකු වූ සමීර මනහර බව පොලීසිය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
