මර්වින් ඇතුළු තිදෙනාට ඇප

මර්වින් ඇතුළු තිදෙනාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනාට ඇප නියම කර තිබේ.

ඒ මර්වින් සිල්වා  විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත අද (03) ගම්පහ මහාධිකරණ විනිසුරු ඩබ්. කේ. ඩී. විජයරත්න  ඉදිරියේ දී සලකා බැලුණු අවස්ථාවේ දීය.

එහිදී විත්තිකරුවන් වූ මර්වින් සිල්වා, ජයන්ත කබ්රාල් සහ නවීන් වීරකෝන් යන විත්තිකරුවන් තිදෙනාටම ඇප හිමි වුණි.

තිදෙනාගෙන් එක් එක් අය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප පහක් මත ඔවුන් මුදාහැර ඇති අතර ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබේ.

තවද සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙස විත්තිකරුවන්ට දැඩි ලෙස අවවාද කළ අතර සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න