කටුනායක ගුවන්තොටට වැට්බදු ආපසු ගෙවන කවුළුවක්

කටුනායක ගුවන්තොටට වැට්බදු ආපසු ගෙවන කවුළුවක්

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේ ස්ථාපනය කරන ලද සංචාරකයන් ශ්‍රී ලංකාව තුළදී භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද එකතු කල අගය මත බදු නැවත ලබාදීමේ කවුළුවක් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති සහ කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්තගේ ප්‍රධානත්වයෙන් ඊයේ (04) විවෘත කෙරුණි.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති තුමා වෙත 2025 මාර්තු 14 වන දින ඉදිරිපත් කරන ලද යෝජනාවකින් ලැබුණු ප්‍රතිපත්තිමය අනුමැතියට යටත්ව මෙය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලදී.

ශ්‍රී ලංකාව තුළ දින 90කට වඩා රැඳී සිටින රුපියල් 50000කට වඩා VAT බදු ගෙවූ සංචාරකයන්ට තමන් ගෙවූ VAT බදු මෙහිදී නැවත ලබා ගත හැකිය.

සංචාරකයන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලදී ගැනීමට උනන්දු කිරීමත්, ලංකාවේ බදු එකතු කිරීම ක්‍රමවත් කිරීමත් වෙනුවෙන් මෙම සේවාව ආරම්භ කර ඇත.

මෙම අවස්‍ථාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙ සභාපති නවීන් සූරියආරච්චි, අදායම් බදු දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් ඇතුළු නිළධාරීන් සහභාගී වී සිටි අතර මෙම ක්‍රියාවලිය පිළිබඳ ව්‍යාපාරිකයන් හා සංචාරක ක්ෂේත්‍රය දැනුවත් කිරීමේ මාධ්‍ය සමුළුවක් ඉදිරියේදී පැවැත්වෙනු ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න