විශේෂ මෙහෙයුමකින් 300ක් අත්අඩංගුවට

විශේෂ මෙහෙයුමකින් 300ක් අත්අඩංගුවට

ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය, ශ‍්‍රී ලංකා යුද හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව කඳාන, ජාඇල, වත්තල හා රාගම ප‍්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් ඊයේ(04) රාත්‍රියේ සිදු කර තිබේ.ෙ

එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීති විරෝධී ක්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

ඊයේ (04) රාත‍්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක වූ අතර ජා ඇල, වත්තල, කඳාන හා රාගම ප‍්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක කර තිබුණි.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක‍්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මකයි.

ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එම සෝදිසි කිරීම් සඳහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න