පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මාස 6කින් දීර්ඝ කෙරේ

පර්පෙචුවල් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මාස 6කින් දීර්ඝ කෙරේ

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

එම තීරණය අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය අද (05) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි තවත් මාස 6කින් දීර්ඝ කිරීමටයි පියවර ගෙන තිබේ.

WhatsApp Image 2025 07 05 at 4.33.07 AM

 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න