සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගෙන් හෙළිවූ කරුණු මත ඝාතන හා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා රඳවා තබා ප්‍රශ්න කරන බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, අදාල සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබා ප්‍රශ්න කෙරෙන බවයි.
සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතමයෙකු ඊයේ(07) කල්මුණේ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබිණි.
නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් නොහොත් ඉනිය භාරතී සහ සිවලිංගම් තවසීලන් නැමති පුද්ගලයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා(06) දිනයේදීයි.
මනුෂ්‍ය ඝාතන පිළිබඳ සිදුකරන පරීක්ෂණවලට අදාළව පිල්ලෙයාන්ගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු මත එම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
