විමල් CIDයට

විමල් CIDයට

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ආනයනය කරන ලද බහාලුම් 323 අයත් වන්නේ එක්තරා පළාතක ආණ්ඩුකරයෙකුට යැයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ  සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමසීම සඳහා ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටට කැඳවන ලදී.

ඒ අනුව, මෙම ප්‍රකාශය ඇතුළුව නිදහස් කරන ලද බහාලුම් සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

විමල් වීරවංශ  ජනවාරි 29 වැනිදා මාධ්‍ය හමුවකදී කළ අදහස් දැක්වීමක් පිළිබඳ විමසීමට මෙසේ කැඳවා තිබුණු අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා තමාට සමාජ මාධ්‍යවලින් එල්ල වූ ප්‍රචාර සම්බන්ධයෙන් ජනවාරි 30 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණි.

මීට අමතරව පාර්ශ්ව කිහිපයක්ම අදාල සිදුවීම පිළිබඳ පැමිණිලි කර තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න