ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි

ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළේ කොටස් මිල දර්ශකය ඒකක 18,500 සීමාව ඉක්මවයි

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 18,500 සීමාව අද (11) දිනයේ දී අතික්‍රමණය කරන ලදී.

අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 379.77 ක වර්ධනයක් සනිටුහන් කරමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 18,541.26 ක් දක්වා ඉහළ ගියේය.

බැංකු සමාගම් රැසකම කොටස් මිල ගණන් දිනය තුළ දී කැපීපෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර එහිදී සම්පත්, HNB, කොමර්ෂල් සහ DFCC යන බැංකු සමාගම්වල කොටස් මිල ඉහළ යාම, සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිල වර්ධනය ද සියලු කොටස් මිල දර්ශකයේ මෙම වාර්තාගත ඉහළයාමට බෙහෙවින් දායක විය.

රු. බිලියන 10.22 ක දැවැන්ත පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබේ.

එහිදී පෑන් ඒසියා බැංකුව (රු. බිලියන 1.2), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 593), හැටන් නැෂනල් බැංකුව (රු. මිලියන 533), හේලීස් ෆැබ්රික් (රු. මිලියන 320) සහ ඇක්සෙස් ඉංජිනියරින් (රු. මිලියන 287) යන සමාගම් අද දින පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දීමට සමත්ව තිබුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න