වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

වෛද්‍ය මහේෂි විජේරත්නට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න  ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග  අද (15) නියෝග කළේ ය.

ඒ, රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා මිලියන පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතයි.

සැකකාරියට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරිය ඇගේ විදෙස් ගමන් තහනම් කිරීමට පියවර ගත්තේ ය.

ඊට අමතරව, මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, වෛද්‍යවරියට ශ්‍රී ජයර්ධනපුර රෝහල් පරිශ්‍රයට ඇතුළු නොවන ලෙසයි.

තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනාව මත සැකකාර වෛද්‍ය මහේෂි විජේරත්න  පසුගිය ජුනි 17 වැනිදා සිට රක්ෂිත බන්ධනාගාරගතව සිටියේ ය.

ඒ අනුව අද දින සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  අධිකරණය හමුවේ සිදු කළ ඇප ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළේ ය.

නඩුව ඔක්තොබර් 28 යළි කැඳවීමට නියමිතයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න