පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
එහෙත් ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතියි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, මෙය මෙරට ගුරු තුලනය සම්බන්ධයෙන් දැඩිව බලපාන්නක් බවයි.
ලබන වසරේ සිට ක්‍රියාත්මක නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව රට පුරා ගුරුවරුන් තුළනය කිරීමට අමාත්‍යංශය පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
