Language Switcher

V2025

වාහන ණය සීමාවන් සංශෝධනය කරයි

වාහනවල වටිනාකම අනුව ලබාදෙන ණය පහසුකම් ශ්‍රී ලංකා මහ බැංකුව සංශෝධනය කර තිබේ.

ඒ, ලියාපදිංචි නොකළ හා පළමු ලියාපදිංචියෙන් වසරකට අඩු කාලයක් භාවිත කරන ලද වාහන වාහන කාණ්ඩ හතරක් සඳහායි.

ඒ අනුව වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහනවලට, එහි වටිනාකමින් 80% ක ණය සීමාවක් ලබාගත හැකිය.

සැහැල්ලු ලොරි සහ අනෙකුත් ලොරි කාණ්ඩ, මගී ප්‍රවාහන රථ, ද්වී රෝද ට්‍රැක්ටර් හෝ ට්‍රේලර් රථ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගන්නා රථ සහ ඉදිකිරීම් වැනි විශේෂ අවශ්‍යතා සදහා යොදා ගන්නා රථ, මේ කාණ්ඩයට ඇතුළත් වේ.

මීළඟ කාණ්ඩය යටත් මෝටර් රථ, එස් යූ වී වර්ගයේ ජීප් රථ හා වෑන් සඳහා 60 %ක දක්වා වන ණය සීමාවක් ලබාගත හැකිය.

ත්‍රීරෝද රථ සඳහා එහි වටිනාකම මෙන් 50% ක ණය සීමාවක් ලබාදී ඇත.

අනෙකුත් රථ සඳහා එහි වටිනාකම මෙන් 70% ක ණය සීමාවක් ලබාගත හැකි බව, ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අතරට, එංජින් ධාරිතාව 100 ඉක්මවන හා ඊට පහළ කාණ්ඩවල යතුරු පැදි ඇතුළත් ය.