මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කටුනායක ගුවන්තොටුපොළේදීම තාවකාලික රියදුරු බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
එකී සේවාව අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත වන අතර මේ වනවිට වැඩසටහනේ අවසන් අදියරේ පසුවේ.
දින 14 සහ 30 යන කාලසීමාවක් සඳහා මෙම තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට නියමිත බව සඳහන්ය.
එමෙන්ම වැඩි කාලයක් සඳහා දිවයිනේ රැදී සිටින සංචාරකයින්ට වසර 08ක් සඳහා ලබාදෙන රියදුරු බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවද කමල් අමරසිංහ වැඩිදුරටත් පැවසීය.