මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන ගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රීති පද්මන් සූරසේන ගේ නම පසුගියදා ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කර තිබිණ.
ඒ අනුව අද රැස්වූ ව්‍යවස්ථාදායක සභාවේදී ඊට අනුමැතිය හිමිවී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ ජ්‍යේෂ්ඨතම විනිසුරුවරයෙකු වන ප්‍රීති පද්මන් සූරසේන මීට පෙර අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයෙකු ලෙසද සේවය කළේය.
ඉහළ පෙළේ නඩු කිහිපයක මුලසුන හොබවා ඇති ඔහු ධුරයේ රාජකාරී සිදුකිරීම අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි චෝදනා විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ සභාපති ධුරයෙද කටයුතු කළේය.
මේ අතර වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මෙම මස 27 වනදා එම ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.