Language Switcher

Ad

Ad 01

V2025

ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයට නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශකවරයෙකු පත් කෙරේ

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ හා මාධ්‍ය ප්‍රකාශක ලෙස බ්‍රිගේඩියර් ෆ්‍රන්ක්ලින් ජෝසප් පත්කර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ, මීට පෙර එම ධූරයේ රාජකාරී කළ කර්නල් නලින් හේරත් විශ්‍රාම යාමෙන් පසු ෆ්‍රන්ක්ලින් ජෝසප්  එම ධූරයේ වැඩ භාර ගත් බවයි.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්‍ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතු කළේය.