Language Switcher

Ad

Ad 01

V2025

සිවිල් ආරක්ෂක නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට

සිවිල් ආරක්ෂක නිලධාරීන් දස දහසක්, පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි, මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් මෙසේ බදවා ගැනීමට නියමිතය.

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල  සඳහන් කළේ, දිවයින පුරා සියලු පොලිස් ස්ථානවලට අලුතින් බඳවා ගන්නා පිරිස් අනුයුක්ත කිරීමට සැලසුම් කර ඇති බවයි.

දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මේ වන විට දැඩි කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ඔහු සදහන් කළේ, රාත්‍රියේ මෙන්ම අලුයම් කාලයේ ද, එම මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.