ලබන වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ 1 වසර සහ 6 වසරට පමණයි - අගමැති

ලබන වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්නේ 1 වසර සහ 6 වසරට පමණයි - අගමැති

2026 වසර තුළ 1 වසරට සහ 6 වසරට පමණක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හදුන්වා දෙන බැවින් මූලික ප්‍රමුඛතාව ඒ වෙනුවෙන් ලබා දෙන බවත්, ගුරුවරයා කතාකරමින් දරුවන් අසා සිටින සම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියේ සිට විනාඩි 50 කාලපරිච්ඡේද විවේචනය නොකරන ලෙසත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සබරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

පවතින අධ්‍යාපන ක්‍රමය සියයට සියයක් වැරදියි කියලා අපි කියන්නේ නැහැ, ඒ තුලින් විශිෂ්ඨයන් බිහි වුණා. නමුත් වසරකට දරුවන් විශාල ප්‍රමාණයක් අතර මගින් හැලෙනවා. ඒ අය ගැන කාගෙවත් අවධානයක නැහැ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය මෙතෙක් පැවති විෂය මාලා සංවර්ධනයට එහා ගිය සමස්ත ව්‍යුහයම ප්‍රතිසංස්කරණය කිරීමක් සිදු කරන්නේ.

2026 සිට මේ ක්‍රමය හදුන්වා දෙන්නේ 1 වසරට සහ 6 වසරට ඒ වෙනුවෙන් මුලික ප්‍රමුඛතාව ලබා දෙනවා. අදියරෙන් අදියර ඉදිරි ප්‍රතිසංස්කරණය සිදු කරනවා. අධ්‍යාපන කාර්යය තුළ තීරණාත්මක සාධකය ගුරුවරයායි. ගුරු හිඟය විසඳීමට නිවැරදිව ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ගුරු තුළනය නිසි පරිදි සිදු කළ යුතුයි.

සබරගමුව පළාතේ දරුවන් 10ට අඩු පාසල් තිබෙනවා. සමහර පාසල්වල එක ගුරුවරයෙකුට ළමයි ගණන 5යි. මේ තත්වය නිවැරදි විය යුතුයි.

ජාතික සහ පලාත් පාසල් අතර ගුරු මාරුව පිලිබඳව මේ වනවිට අමාත්‍යංශය සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී ඒ පිලිබඳ තිරණයක් ගන්න කටයුතු කරනවා.

2024 අධ්‍යාපන අමාත්‍යංශය කළ සංගණනයකින් හෙළි වුණා ළමුන් 20,000ක් අධ්‍යාපනයෙන් අතරගම නතරවෙලා තිබෙනවා අදටත් ඒ දරුවන්ට සිද්ධ වුණු දේ ගැන කිසි තොරතුරක් නැහැ. ඒ වගෙිම 80,000ක් දරුවන් හරියට පාසලට පැමිණ නැහැ මේක ලොකු ගැටලුවක්,

මේ වෙනකොට අධ්‍යාපන පද්ධතිය දුවන්නේ සුළු පිරිසකගේ කැපවීම මත පුද්ගලයෙක් මත අධ්‍යාපන පද්ධතිය ක්‍රියාත්මක වෙන්න බැහැ, පද්ධතියක් විදිහට ශක්තිමත්ව පැවතිය යුතුයි.

මේ වනවිට කාලපරිච්ඡේදය විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීම ගැන යම් විවාදයක් මතු කරමින් තිබෙනවා, සාම්ප්‍රදායික ඉගෙන්වීම් ක්‍රියාවලියේ සිට මේ කාලය තීරණය කරන්න යන්න එපා. ගුරුවරු කතා කරන දරුවන් අහගෙන ඉන්න ක්‍රමය නෙමෙයි නව ප්‍රතිසංස්කරණයෙන් හදුන්වා දෙන්නේ. ප්‍රායෝගිකව දරුවන් සහභාගී කරවන ක්‍රමවේදයක්.

මොඩියුල් ක්‍රමය හදුන්වා දෙන්නේ මාලිමා රජය මොඩියුල්වලට පේටන්ට් ගන්න නෙමෙයි, ඒක ලෝකයේ භාවිත කරන ක්‍රම වේදයක්,

මෙතෙක් කලක් පැවති රජයන් අධ්‍යාපනය භාවිත කළේ තමන්ගේ නම ප්‍රචාරය කරගැනීමට බවත්, ඡන්දය ලබාගැනීමේ අරමුණින් දරුවන් පාසලට ඇතුලත් කිරීම හේතුවෙන් අධ්‍යාපනය තවත් අවුලට ගිය බවත් ඒ තත්වය මේ වනවිට වෙනස් කර ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය,

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න