Language Switcher

V2025

පළමුවෙන් කළ යුත්තේ බංකොලොත් භාවයෙන් මිදීම යි - රවි කරුණානායක

අපි පළමුව කළ යුත්තේ මේ බංකොලොත් භාවයෙන් එළියට පැමිණ ඒ සමග ම ඇමරිකාව බදු පනවන්නේ නම් අපි ඒ පිළිබඳව ද කතා කළ යුතු යැයි රවි කරුණානායක පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ අද (27) පැවති මාධ්‍ය සාකච්ඡවෙක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ රවි කරුණානායක...

නූල් සූත්තරෙන් වැඩ කරමු

''ඇමරිකාව සමග තවම සාකච්ඡාවල අවසානයක් නෑ කියල තමයි අපිට ආරංචි වෙලා තියෙන්නේ. ජපානය, පිලිපීනය යන රටවල් තමන්ගේ බද්ද යම් මට්ටමකින් නිදහස් කරගන්න සමත් වෙලා තියනව. අපි ජනාධිපති මුණගැහුණ වෙලාවෙ කිව්වෙ නූල් සුත්තරෙන් වැඩ කරල අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන ගමු කියල.

අපි පළමුව කරන්න ඔනෙ මේ බංකොලොත් බාවයෙන් එළියට එන එක. ඒත් එක්කම ඇමරිකාව බදු දානවනං අපි ඒ ගැන කතා කරන්න ඕනේ.. ලංකාව තියෙන අපේ සම්පත් හරියට පාවිච්චි කරන්න ඕන .එයාල කියන වැඩ කරන්න වෙනවනං අපි හරියට කේවල් කිරීමක් කරන්න ඕන. අපිට මේ පරතරයක් තියනව. එහෙනං එහෙන් ගේන්න පුළුවන් බාණ්ඩ මොනව ද, ඩොනලඩ් ට්‍රම්ප් කියන්නේ මොනව ද, ඒ අය උදව් කරනවනං අපි උදවු කරනව කියල තමයි කියන්නේ. මේ ලංකාව ඉන්දියාවට කේන්ද්‍ර කරගන්න ලස්සනට පුළුවන්.

රජයේ නිලධාරින් වැඩ කරන්නේ ඉන්දියාවේ වුවමනාවට ද...?

අපි කතාකරනව පුනර්ජනනීය බලශක්තිය සම්බන්ධව. මේ LNG ගේන්න කටයුතු කරල තාම රුපියල් 70ක් විතර ගෙවනව. මොකද මේක තෙල්වලින් තමයි කටයුතු කරන්නේ. LNG සම්බන්ධව ඇමරිකාවෙන් කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේක. දැන් විදුලිබල මණ්ඩලය කියනව මේ LNG චීනෙන් ගේමු කියල. හොඳයි නමුත් චීනය අපෙන් මොනාවත් ගන්නෑ.

අපිට ඇයි ට්‍රම්ප් එක්ක කතා කරල මේ ගැන කටයුතු කරන්න බැරි. මං දන්නැ රජයේ නිලධාරින් හිතල ප්‍රශ්න ඇති කරනවද කියල. රජයේ නිලධාරින් වැඩ කරන්නේ ඉන්දියාවට ඔන විදිහට; ඇමරිකා නිලධාරින් වැඩ කරන්නේ ට්‍රම්ප්ට ඔන විදිහට. අපේ නිලධාරින් වැඩ කරන්නේ එක එක රටවල්වලට ඕනේ විදිහට කියල තමයි මට හිතෙන්නේ.

ඉන්දියාව ඉදිරියට; ලංකාව අගාධයට

2028 වෙනකොට අපි ණය ගෙවන්න ඕනේ. රනිල් යනකොට තිබ්බ සංචිතය තව වැඩි කරගන්න ඕනේ. ඩොලර් මි 200ක් වත් තව අපි හොයන්න ඕනේ.

පරාටේ ගැන දැන් කතා කරන්නෙත් නැ. ජනතාවට ආදරෙන් කටයුතු කරනවනං වගකීමක් එක්ක වැඩ කරන්න.

ඉන්දියාව දැන් සාර්ථකව ඉදිරියට යනව. ලංකාව දැන් බරපතළ තැනකට වැටෙනව. අපේ ආයෝජකයන් එහේ ගිහිල්ල ආයෝජනය කරොත්. අපනයන කරුවන් බය යි. ඇයි... 10% හොයන්න ගිහින්18% වැට් එක වැටුනම මොකද කරන්නේ කියල.

මේ රට තමයි වැඩිම බදු ගෙවන් ඕනේ; ඒ එක්කම පොලී අනුපාතයත් වැඩිම මේ රටේ. මේ වගේ පසුබිමක බිස්නස් කරන එක ලේසි නැ. මේ නිසා තමයි මං කියන්නේ අපේ අයිතිවාසිකම්වලට අපි සටන් කරන්න ඕනේ ; IMF පදේට නටන් නැතුව.

තනි අලියා මම යි

මොනා කිවුවත් මේ සීමිත විදිහට හිතන කට්ටියට වඩා ඇමරිකන් ආයෝජනය මෙහෙට ගන්නට අපේ වෙනසක් ඇති වෙන් නැද්ද. අපිට මිලියන 500 නැතිවුනාට ඒක මිලියන 10000ක් පමණ වැඩි කරන්න පුළුවන් නම් මේක කරන්න පුළුවන්. රජයේ නිලධාරින්ට තවම ප්‍රායෝගික දැනුමක් නෑ. මේ අය ඉඳගෙනන පුටු රත් කරන එක තමයි කරන්නේ. ඒ අයට මේක කරත් එකයි නැතත් එකයි.

මහබැංකුවට ස්වාධීනව කටයුතු කරන්න ඕනේ නම් ආණ්ඩුවට කතා කරන්න ඕනේ නැහැ නෙ.

පක්ෂවල දැන් කළු සුදු කියල එකක් නෑ; උන් හොඳ නෑ කියල එකක් නෑ; දැන් ඔක්කොම එකයි. ඉන්න එකම අලිය මම නම්, ඉන්න එවුන් අලිය ගලවන්න හදනවනං, එවුන් එළවන්න ඕනේ ; ඒක නෙ කරන්න ඕනේ. මේ ඔක්කොම ඒක රාශි කරන අත්වැල් බැඳගෙන කටයුතු කරන්න ඕනේ .. එකක් තමයි අපි කරන්න ඕනේ .''