නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

නාමල් අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් වරෙන්තු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.

පොලිසිය පැවසුවේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කර ඇති බවයි.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට එරෙහිව 2017 වසරේ ඔක්තෝම්බර් 06 වන දින පැවති විරෝධතාවකට අදාළව විභාග වන නඩුවේ 35 වෙනි වගඋත්තරකරු වන නාමල් රාජපක්ෂ  පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කෙරිණි.

නීති විරෝධී රැස්වීම, අධිකරණ නියෝග කඩ කිරීම, ජීප් රථ 03කට අලාභානි සිදුකිරීම සහ අනර්ථය , රාජකාරියට බාධා කිරීම සහ මහා මාර්ගය ගිනි තබා අනර්ථය යන චෝදනා යටතේ එම නඩුව පවරා තිබේ.

නඩුව ලබන වසරේ ජනවාරි 26 වන දින යළි කැඳවිමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න