‘නව රජයේ පරිසර ප්‍රතිපත්තිය‘ පැසසුමට

‘නව රජයේ පරිසර ප්‍රතිපත්තිය‘ පැසසුමට

දකුණු ආසියාතික දේශගුණික විපර්යාස පිළිබඳ මාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති Asish Gupta සහ මහලේකම් Karamot Ullah Biplob යන  අද (28) පරිසර අමාත්‍යංශයේ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි  හමුවීය.

විශේෂයෙන් මෙම හමුවේ දී ශ්‍රී ලංකාවේ නව රජයේ පරිසර ප්‍රතිපත්ති සහ එහි ප්‍රගතීන් පිළිබඳ සාකච්ඡා වූ අතර “වනස්පති” ජාතික වැඩසටහන පිළිබඳ එම සංසදය විසින් පැසසීමට ලක් කෙරිණ.

ශ්‍රී ලංකාවේ පෙර පැවති රජයන්ට සාපේක්ෂව නව රජය විසින් පරිසර සංරක්ෂණ ක්‍රියාවලීන් සඳහා විශාල දායකත්වයක් ලබා දෙන බවත් ඊට සමගාමීව දකුණු ආසියාතික කලාපයේ මාධ්‍යවේදීන් තුළ ප්‍රබෝධයක් ඇති වී ඇති බවත් එම සංසදය විසින් කරුණු සඳහන් කරන ලදී.

ලොව ප්‍රථම වරට දේශගුණික විපර්යාස පිළිබඳව කටයුතු කරන මාධ්‍යවේදීන්ගේ කලාපීය සංසදයක් “දකුණු ආසියානු දේශගුණික විපර්යාස මාධ්‍යවේදීන්ගේ සංසදය (SACCJF)” නමින් 2022 නොවැම්බර් මාසයේදී ෂාර්ම්-එල් ෂෙයික් (ඊජිප්තුව) හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුව (COP 27) අතරතුර විධිමත් ලෙස ස්ථාපිත කෙරිණ.

මෙම සංසදය ඉන්දියාව, නේපාලය, බංගලාදේශය සහ ශ්‍රී ලංකාව යන රටවල් එක්ව දකුණු ආසියාතික කලාපයේ රටවලට මුහුණ පෑමට සිදුවන ගංවතුර, නායයෑම් වැනි දේශගුණ විපර්යාස සඳහා ජනතාව දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් මැදිහත්වීමේ අරමුණෙන් පිහිටුවන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න