Language Switcher

Ad

Ad 01

V2025

ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස අනූෂා ගෝකුල ප්‍රනාන්දු පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක  විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු  වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර ඇත.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දිකා සනත් කුමානායක  විසින් අද (28) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඇයට පත්වීමේ ලිපිය නිල වශයෙන් භාර දෙන ලදී.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන ප්‍රනාන්දු, මීට පෙර බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා, ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස සේවය කළාය.