ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉන්දීය ජනපතිනියට අක්තපත්‍ර භාරදෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ඉන්දීය ජනපතිනියට අක්තපත්‍ර භාරදෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහේෂිනී කොලොන්නේඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු  වෙත සිය අක්තපත්‍ර භාර දී තිබේ.

අද (29) නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී ජනාධිපතිනිය වෙත නිල වශයෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය සිය අක්තපත්‍ර භාර දුනි.

මෙහිදී 2024 දෙසැම්බර් මාසයේදී ජනාධිපති දිසානායකගේ ඉන්දීය සංචාරය සහ 2025 අප්‍රේල් මාසයේදී අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයන් දෙරට අතර හවුල්කාරිත්වය විශිෂ්ට මට්ටමකට ඔසවා තැබූ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.

විශේෂයෙන් ඇය අර්බුදකාරී කාලවලදී ලබා දුන් අඛණ්ඩ සහයෝගය සඳහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න