ලලිත් - කුගන් නඩුවට සාක්ෂි දීමට හිටපු ජනපති ගෝඨාභය සූදානම්!

ලලිත් - කුගන් නඩුවට සාක්ෂි දීමට හිටපු ජනපති ගෝඨාභය සූදානම්!

2011 වසරේ අතුරුදන් වූ මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන හබයාස් කෝපුස් නඩුකරයට අදාළව සාක්ෂි දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද(30) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ  වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  මෙම දැනුම්දීම සිදු කළේය.

පවතින ආරක්ෂක හේතූන් මත තම සේවාදායකයාට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි දීමට අපහසු බවත් කොළඹ අධිකරණයක තම සේවා දායකයා සාක්ෂි ලබාදීමට සූදානම් බවත් ජනාධිපති නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ට දැනුම් දුන්නේ මෙම ඉල්ලීම අද දින සිට සති හතරක් තුළ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර සුදුසු නියෝග ලබා ගැනීමට කටයුතු කරන ලෙසය.

තම සේවා දායකයා අධිකරණය හමුවේ සාක්ෂි දීමට සූදානම් බැවින් නඩුකරයේ විභාගය අවසන් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට පෙත්සම්කාර අතුරුදන්වූවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් බෝපගේ ද ඒකකතාවය පළ කළේය.

ඒ අනුව එම අභියාචනා පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණයක් තීන්දු කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න