ට්‍රම්ප්, ලංකාවට පැනවූ තීරු බද්ද 20 % ට අඩු කරයි

ට්‍රම්ප්, ලංකාවට පැනවූ තීරු බද්ද 20 % ට අඩු කරයි

අමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා අයකරන අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20%ක් දක්වා තවදුරටත් අඩුකර ඇත.

ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම මෙලෙස තීරුබදු අනුපාත පහත හෙළා තිබේ.

මින් පෙර අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් සිදුකරන ආනයන මත පනවන 44%ක අන්‍යොන්‍ය තීරුබදු අනුපාතයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

අනතුරුව එම අනුපාත ලිහිල් කරගැනීම සදහා අමෙරිකානු වෙළෙඳ නියෝජිත ආයතනය සමග ආණ්ඩුව කළ සාකච්ඡාවල ප්‍රගතියක් ලෙස තීරු බදු ප්‍රතිශතය, 30%ක් දක්වා අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

අද සිට බලාත්මකවීමට නියමිතව තිබූ එම බදු ප්‍රතිශතය අඩුකර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පසුගිය දිනවල සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.

අමෙරිකාව ශ්‍රී ලංකාවට පැනවූ තීරු බදු ප්‍රතිශතය 20%ක් දක්වා අඩු කරන බව මීට ටික වේලාවකට පෙර නිවේදනය කළේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න