කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වේ.
නව සුඛෝපභෝගී දුම්රිය අගෝස්තු 16 වන දින සේවය ආරම්භ කිරීමට නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සංචාරකයින්ගේ වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා මෙම නව දුම්රිය සේවාව හඳුන්වා දෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ආසන 350 කින් සමන්විත නව සුඛෝපභෝගී දුම්රිය සෑම සෙනසුරාදා දිනකම පෙ.ව. 5:30 ට කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පිටත් වේ.
දුම්රිය ඉරිදා දිනවල රාත්‍රී 9:00 ට බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ආපසු ගමන ආරම්භ කරනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
