ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩිජිටල් ගනුදෙනු ගැන මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරනවා හා සමානවම බැංකු හා මූල්‍ය ආයතන ඊට අදාළ යටිතල පහසුකම් ගමේ සිටින ජනතාව දක්වාම රැගෙන යා යුතු බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ  පවසයි.

දඹුල්ලේ පැවති උත්සවයක් අමතමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් ඊයේ දිනයේදී, ශ්‍රී ලංකා මහබැංකුව සංවිධාන කරන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධන වැඩසටහනක් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,

“ඩිජිටල් ගනුදෙනුවලදී විශේෂයෙන් අපේ රටේ ගෙවීම් සහ පියවීම් සඳහා විශාල වශයෙන් අවශ්‍ය කරන යටිතල පහසුකම් කාලයක් තිස්සේ සම්පූර්ණ කරලා තියෙනවා. Online Banking, QR code එක පාවිච්චි කරලා ගෙවන ඒවා රජයේ ගෙවීම්වලටත් රජය විසින් දැන් GovPay කියලා එකකින් යම්කිසි රජයේ සේවාවන්වලට ගෙවන්න පහසුකම් හදලා තියෙනවා. බදු ගෙවීමට පුළුවන් ඒ ආකාරයට. පහසුකම් තියෙනවා. නමුත් අපි දකින්නේ භාවිතය ඉතාම අඩුයි. විශේෂයෙන් බස්නාහිර පළාතෙන් පිටතට යනකොට අපි දකිනවා විශාල වශයෙන් තවමත් මුදල් විශේෂයෙන් නෝට්ටු සහ කාසි භාවිතයට තමයි හුඟදෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ. ඒක තමයි පහසු විදිහට දකින්නේ. නමුත් ඇත්ත වශයෙන්ම කල්පනා කරලා බැලුවොත් ව්‍යාපාරයක් කරන කෙනෙක්ට සහ පාරිභෝගිකයා පැත්තෙන් ගත්තොත් හැමෝටම මේ මුදල් පරිහරණය ඇත්ත වශයෙන්ම අමතර කාලයක් මුදලක් වැය වෙන කාරණයක් හිතලා බැලුවොත්. විශේෂයෙන් බැංකු පද්ධතිය සහ මූල්‍ය ආයතන ඩිජිටල් ගනුදෙනු ප්‍රවර්ධනය කරන ආයතනවලට තියෙනවා විශේෂ කාර්යයභාර්යක් මේ වගේ තැන්වලට ඇවිත් ප්‍රවර්ධනය කරනවාට අමතරව මේක යන්න ඕන ගමටම. එහෙම ගියොත් විතරයි මේ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ. මේකේ අනිසි බියක් තියෙනවා මේ බදුවලට අහුවෙයි කියලා. එහෙම එකක් නැහැ බදුවලට අහුවෙනවා නම් සල්ලිවලින් ගනුදෙනු කළත් බදුවලට අහුවෙනවා නම් අහුවෙනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න