ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවතට

ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවතට

ප්‍රේමසිරි රත්නායක , බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයෙන් ඉවත් කර තිබේ.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  සඳහන් කළේ, කැබිනට් මණ්ඩල යෝජනාවක් මගින් ඔහු ඉවත් කළ බවයි.

රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බව, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ප්‍රේමසිරි රත්නායක, බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරයට පත්වූයේ 2024 වසරේ ජනවාරී මාසයේදීයී.

පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සැළකිල්ලට ගෙන ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව, නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

වැඩබලන බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ලෙස මේ වන විට පත්කර ඇත්තේ, කසුන් වැල්ලහේවායි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න