චාමරගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

චාමරගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක  විසින් අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවක් පිළිබඳව පැමිණිලි කිරීම සඳහාය.

එහිදී අදහස් දක්වමින් චාමර සම්පත් පැවසුවේ පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මගින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදුකළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැලසුම් කර තිබූ බවය.

නමුත් එම සැලසුම් කර තිබූ පත්වීම් අදාළ සුදුසුකම් ලැබූ පුද්ගලයින් 100 දෙනා වෙත ලබා නොදී මේ වන විට නැවත ගැසට් කරමින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය.

ඒ අනුව මේ තුළින් දූෂණයක් සිදුව ඇතැයිද ඒ සම්බන්දව පොලිසිය භාර අමාත්‍යවරයාට සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න