ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු සැකකරුවන් 03 දෙනෙකු ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළේ ය.

ඒ මහර මහේස්ත්‍රාත් කාංචනා සිල්වා  හමුවේ නඩුව, අද (04) කැඳවූ අවස්ථාවේදී.

ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණය හමුවේ ගොනු කළ ඇප අයැදුම්පත සලකා බැලීමට ගන්නවාද නැද්ද? යන්න තීරණය ලබන 21 වැනිදා තීරණය කිරීමට නියමිත බව සඳහන්.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට අලෙවි කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන් පසුගියදා අත්අඩංගුවට ගැණින.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න