පාර්ලිමේන්තු යෝජනා සම්මතය අනුව, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ ලිපියට ජනපති අනුර කුමාර දිසානායකගේ අනුමැතිය හිමිව තිබේ.
ජනපතිවරයා විසින් පොලිස්පති ධුරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නමක් නිර්දේශ කිරිමෙන් පසු බහුතර කැමැත්ත මත නව පොලිස්පතිපතිවරයා පත්කෙරෙනු ඇත.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් හිමිවූ අතර, යෝජනාවට විරුද්ධව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත.
එහිදී එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
දේශබන්දු තෙන්නකෝන්ට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදකරු කර ඇති බව පසුගියදා 22වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණ වූයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළ අවස්ථාවේදීය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව අදාළ කමිටුව ඒකමතිකව නිර්දේශ කර තිබුණි.
පොලිස්පති ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම හා විෂමාචාර සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබු අතර ඔහු ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් මස 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවකට අනුවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
